COLOMBO(News1st) - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්, ළමා අපයෝජන සිදුවීම්වලට අදාළව මහාධිකරණවල ගොනුකර ඇති නඩු පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබේ.එහි සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පැවසුවේ 2026 වසරේ ජනවාරි වනවිට ළමා අපයෝජන සම්බන්ධයෙන් මහාධිකරණවල ගොනුකර ඇති නඩු සහ මේ මාසයේ කැඳවීමට නියමිත නඩු සම්බන්ධයෙන් තොරතුරු එම වාර්තාවේ දැක්වෙන බවයි.ඒ අනුව, 2026 වන විට ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ මහාධිකරණවල ගොනුකර ඇති නඩු සංඛ්‍යාව 4,289කි.එම නඩු අතර...