.webp)
-627658.jpg)
අතිශය කර්කශ පරිසරයක පැවැති ඇන්ටාක්ටිකා මැරතන් (Antarctic Ice Ultra) තරගයට එක් වූ "Qestr" (ක්වෙස්ටර්) නමැති මානව රූපී රොබෝවරයා (Humanoid Robot), සෙල්සියස් අංශක -24ක අධික ශීතල හමුවේ කිලෝමීටර 3ක් දිවීමෙන් පසු බැටරිය අක්‍රිය වීම හේතුවෙන් තරගයෙන් ඉවත් වී තිබේ.
මිනිස් ධාවකයන් 24 දෙනෙකු සමඟ අයිස් මතුපිට පැවැති මෙම ඓතිහාසික තරගයේදී රොබෝවරයා දැඩි සීතලෙන් ආරක්ෂා කරගැනීමට විශේෂ ජැකට්ටුවක් ද පළඳවා තිබුණි.
කෙසේ වෙතත්, අතිශය ශීතල තත්ත්වයන් යටතේ බැටරිවල ධාරිතාව වේගයෙන් අඩාල වීම (Battery Degradation) තාක්ෂණික ලෝකයට තවමත් විසඳීමට නොහැකි වූ අභියෝගයක් බව මෙම සිදුවීමෙන් නැවතත් තහවුරු වී ඇත. රොබෝවරයා අක්‍රිය වුවද මිනිස් ධාවකයන් සාර්ථකව තරගය නිමා කළ අතර, විදෙස් මාධ්‍ය උපහාසාත්මකව වාර්තා කළේ "මෙවර තාක්ෂණය පරදා මිනිසා ජයග්‍රහණය කළ බවයි."
