News1st ජනතා මෙහෙවරට වසර 31ක්

News1st ජනතා මෙහෙවරට වසර 31ක්

by Staff writer 06-11-2026 | 12:39 PM

COLOMBO(News1st) - අපි ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන්න ප්‍රවෘත්ති පටන් අරන් අදට අවුරුදු 31ක්.

1995 වසරේ අද(06) වැනි දිනෙක අපි අපේ ගමන පටන් ගත්තේ - රාත්‍රී පුවත්වලින්.

උදෑසන ප්‍රවෘත්ති, දහවල් ප්‍රවෘත්ති වගේම පැයෙන් පැය ප්‍රවෘත්ති දක්වා අපි අපේ ජාතික වගකීම පුළුල් කළා.

දැන් නිව්ස්ෆස්ට් රටපුරා විසිර සිටින 3000කට අධික ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන්, U-Repoter , I-Witness ඇතුළු පුරවැසි මාධ්‍යකරුවන් 20,000කින් සමන්විත පුළුල් ජාලයකි.

රූපවාහිනිය, ගුවන්විදුලිය වගේම නව මාධ්‍ය වේදිකා සියල්ල ඔස්සේ නිව්ස්ෆස්ට් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කිරීමේ වගකීම ඉටුකරමින් සිටිනවා.

ගිනි තබා බෝම්බ ගසා විනාශ කර යටපත් කළ නොහැකිවූ සත්‍යය වෙනුවෙන් නිව්ස්ෆස්ට් අඛණ්ඩව ජනතාව සමගින්.