ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධිර පත් කෙරේ.

ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධිර පත් කෙරේ.

by Staff writer 06-11-2026 | 10:56 PM

COLOMBO(News1st) - ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත් කර තිබේ..

ඒ අනිද්දා සිට බලපැවැත්වෙන පරිදි,

මේ අතර ගම්පහ මහෙස්තත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න අනිද්දා සිට බල පැවැත්වෙන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරිමේ ආයතනයට අනියුක්ත ඇතැයි අධිකරණ සේවා කොමිසම සඳහන් කළේය.

මේ අතර පොලිස්පතිවරයා අධිකරණ සේවා කොමිසමට දිර්ඝ ලෙස කරුණු පැහැදිලි කරමින් ලිපියක් යොමු කර තිබේ.

එහි දක්වා ඇත්තේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ  නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ මත භේදාත්මක  තත්ත්වයක්  පිළිබඳවයි

අදාල නඩුකටයුත්තේදි  පොලීසිය ක්‍රියාකළ ආකාරයත්, අධිකරණ නියෝග අනුව කටයුතු කිරිමට දැරු උත්සහයත් පොලිස්පතිවරයාගේ පාර්ශවයෙන් මෙම ලිපියේ කරුණු ඉදිරිපත් කර තිබේ.

එහිදි පොලිස්පතිවරයා නිරික්ෂණය කර ඇත්තේ මෙම සිදු වීම පාදක කර ගනිමින් එක්තරා පෞද්ගලික මාධ්‍ය ආයතනයක් ශ්‍රි ලංකා පොලීසිය අපකීර්තියට පත්වන ආකාරයෙන් පුවත් පළ කර ඇති බවයි

එමෙන්ම සාමාන්‍ය පරිදි ගම්පහ අධිකරණ කටයුතු වාර්තා කරණ වාර්තාකරුවන්ට පරිබාහිරව විශේෂිත වාර්තාකරුවෙක් කොළඹ සිට ගෙන්වා අදාළ අධිකරණ කටයුත්ත වාර්තා කර ඇති අවස්ථාවක් පිළිබඳව ද පොලිස්පතිවරයා අධිකරණසේවා කොමිසමේ අවදානයට ලක්කර  තිබේ.

පොලිස්පතිවරයා අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලා ඇත්තේ සම්පූර්ණ සිදුම පිළිබඳව නිසි පරික්ෂණයක් සිදු කර  සුදුසු පියවර ගන්නා ලෙසයි