කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්

කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්

by Staff writer 06-11-2026 | 10:45 PM

COLOMBO(News1st) - කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (06) රාත්‍රියේ අධික වර්ෂාපතනයක් ඇද හැළුණි.

ඒ හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවූ අතර දෛනික ජන ජිවිතයට එල්ල වුණේ දැඩි බලපෑම්.

දෙමටගොඩ , මාළිගාවත්ත , කොම්පඤ්ඤ විදිය, කුරුඳුවත්ත බොරැල්ල , යූනියන් පෙදෙස , ආමර් වීදියි ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් හට ගත්තේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පැය කිහිපයක් තුළ කොළඹට ඇඳ හැළුණු වර්ෂාපතන අගය මිලිමීටර් 129 ක්.