.webp)

පොලීසිය පැවසුවේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කළ වැටලීමකදි ඉන්දියන් ජාතිකයින් 3 දෙනෙකු බංග්ලාදේශ ජාතිකයින් 6 දෙනෙකු හා චීන ජාතිකයින් 12 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
වලංගු වීසා බලපත්‍ර නොමැතිව, ගොඩනැගිල්ලක් තුල නීති විරෝධීව මෙරට රැඳී සිටිමේ චෝදනා මත අදාල පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
සැකකරුවන් අද(03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
