කහටගස්දිගිලියේදී ඇතෙකු මියයාම ගැන විමර්ශන CID යට.

කහටගස්දිගිලියේදී දළයක් අහිමිව ඇතෙකු මියයාම ගැන විමර්ශන CID යට.

by Staff writer 03-11-2026 | 8:23 AM

COLOMBO(News1st) - කහටගස්දිගිලිය, මීමින්නාවල - කායන්ගොල්ලෑව කැලෑබද ප්‍රදේශයක මියගොස් සිටියදී හමුවූ ඇතාගේ මරණ සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතාගේ එක් දළයක් කපාගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීමටද කටයුතු කරන බවයි.