.webp)

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර් 60 - 70ත් දක්වා ඉහළ යා හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, ඒ හේතුවෙන් මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙසයි.
'මුරසු' සුළි කුණාටුව මේ වන විට පවතින්නේ, කන්කසන්තුරයේ සිට කිලෝමීටර 480ක් පමණ දුරිනි.
එය අද(02) මධ්‍යම රාත්‍රියත් හෙට(03) අළුයමත් අතර කාලයේ නෙල්ලෝර් සහ නර්සාපූර් අතරින්, ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ප්‍රබල සුළි කුණාටුවක්ව ඉන්දියානු ගොඩබිම වෙත ගමන් කළ හැකියි.
වර්ෂාධික කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 19ක පුද්ගලයින් 21,356 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 5,800ක් ඒ අතර වන බවයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර අතුරුදන්ව සිටින සංඛ්‍යාව ද 03ක්.
නිවාස 8කට පූර්ණ හානි සහ තවත් නිවාස 737 කට අර්ධ හානි සිදුව තිබේ.
