දුම්බර බන්ධානාගාරයේදී මියගිය රැඳවියා ගැනවිමර්ශනයක්

දුම්බර බන්ධානාගාරය තුළදී වෙඩි වැදී රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙයි - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

by Staff writer 02-11-2026 | 8:05 AM

COLOMBO(News1st) - දුම්බර බන්ධානාගාරය තුළදී වෙඩි වැදී රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරයේ තාප්පයෙන් පලායාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් එම රැඳවියා මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මීට දින 10 කට පෙර බන්ධනාගාර ගතවූ ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි රැඳවියෙක්

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.