මේ මාසයට අදාළව ගෑස් මිලෙහි වෙනසක් නෑ

මේ මාසයට අදාළව ගෑස් මිලෙහි වෙනසක් නෑ - ලිට්‍රෝ සමාගම කියයි

by Staff writer 01-11-2026 | 8:09 AM

COLOMBO (News 1st) - මේ මාසය සඳහා ගෘහස්ත ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම නිවේදනය කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ ද ගෑස් මිල වැඩි නොකරන බවයි.

ඒ අනුව  කිලෝග්‍රැම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් තවදුරටත් රුපියල් 4365කට අළෙවි කරනු ඇති.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 1750කටයි.

කිලෝග්‍රැම් 2.3 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815කි.