ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක්

ගිණිකොන දිග බෙංගාල බොක්කේ සුළි කුණාටු අවදානමක්... නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා - ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක්

by Staff writer 01-11-2026 | 7:14 AM

COLOMBO (News 1st) - ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය අද රාත්‍රියේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී හෙට වනවිට බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වනු ඇති.

මෙහි බලපෑමෙන් එම මුහුදු ප්‍රදේශ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරිමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙයි.

බස්නාහිර , සබරගමුව , මධ්‍යම , ඌව සහ දකුණු පළාත්වල මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරයි.