ABU හි, 63 වැනි මහා සමුලුව අද(30) කොළඹදී ඇරඹේ.

ABU හි, 63 වැනි මහා සමුලුව අද(30) කොළඹදී ඇරඹේ.

by Staff writer 30-10-2026 | 12:11 PM

COLOMBO(News1st) - ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය හෙවත් ABUහි,  63 වැනි මහා සමුළුවට සමගාමීව පැවැත්වෙන තාක්ෂණික හා විද්වත් කමිටු සාකච්ඡාව කොළඹ Cinnamon Life, City of Dreams අද(20) ආරම්භ විය

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය හෙවත් ABU හි,  63 වැනි මහා සමුළුවට සමගාමීව පැවැත්වෙන කමිටු රැස්වීම් ඇතුළු වැඩටහන් කිහිපයක් අද පැවැත්වුණි.

විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ ක්‍රීඩා කමිටු හමුව, වැඩසටහන් කමිටු හමුව මෙන්ම තාක්ෂණික කමිටු හමුවත් ඒ අතරට අයත්වේ.

ආසියානු ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ මහ ලේකම්, අහමඩ් නදීම් සහ MTV චැනල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යසරත් කමල්සිරි විසින් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රධානින් ප්‍රමුඛ දූත පිරිස පිලිගනු ලැබී ය.

සමුළුව ඇමතු MTV ප්‍රධාන විධායක නිලධාරී යසරත් කමල්සිරි මහතා සඳහන් කළේ,

''මෙවර මේ සමුළුවේ සත්කාරකත්වය දැරීමට ලැබීම පිළිබඳව අපි සැබවින්ම ආඩම්බර වනවා, විකාශකයින් ලෙස අප කරන කාර්යයේ ප්‍රධානතම හදවත බඳු වැඩසටහන් කමිටුව පිළිගැනීමට ලැබීම විශේෂ සතුටක් MTVහි අපිට, වැඩසටහන්කරණය යනු හුදෙක් ගුවන් කාලය පුරවා දැමීමක්  නොවේ.  තොරතුරු ලබාදීමට, විනෝදාස්වාදය සැපයීමට, අධ්‍යාපනය ලබාදීමට,  සහ සමහර විට වඩාත්ම වැදගත් ලෙස, ජනතාව එකමුතු කිරීමට බලයක් ඇති බව අපි විශ්වාස කරනවා. මෙවැනි වැඩසටහන් හරහා, ප්‍රජාවන් එකිනෙක සම්බන්ධ කරමින්, ඔවුන්ගේ අභියෝග ඉස්මතු කරමින් සහ අර්ථවත් විසඳුම් ලබාදීමට උපකාර කරමින්, මාධ්‍ය සමාජීය වෙනසක් සඳහා බලවත් මෙවලමක් විය හැක්කේ කෙසේදැයි අපි අත්දැකලා තියෙනවා.


සමුළුව ඇමතු ආසියා ශාන්තිකර කලාපීය විද්වත් විකාශකයින්ගේ සංගමයේ මහලේකම්,  අහමඩ් නදීම් සඳහන් කළේ,

අද වන විට ප්‍රේක්ෂකයින් යනු හුදෙක් නරඹන්නන් හෝ ශ්‍රාවකයින් පමණක් නොවේ. ඔවුන් බහුවිධ වේදිකා ඔස්සේ තම අදහස් ප්‍රකාශ කරමින්, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා සක්‍රීයව දායක වන්නන් විශේෂයෙන්ම තරුණ පරම්පරාව මාධ්‍ය භාවිතා කරන්නේ වෙනස්ම ආකාරයකටයි. විකාශකයින්ට ඇති අභියෝගය වන්නේ හුදෙක් මෙම ප්‍රවණතාවලට අනුගත වීම පමණක් නොව, අප නිෂ්පාදනය කරන අන්තර්ගතයේ ගුණාත්මකභාවය, විශ්වාසනියත්වය සහ සංස්කෘතික අදාළත්වය සුරකිමින් නවෝත්පාදනයන් වැළඳ ගැනීමයි. ඇත්ත වශයෙන්ම, කෘතිම බුද්ධිය (Artificial Intelligence / AI) යනු අපගේ රැස්වීම් සහ ක්‍රියාකාරකම්වල වඩාත්ම සාකච්ඡා වූ මාතෘකාවලින් එකක්  එය ඉදිරියටත් එසේම වේවී. මොකද වැඩසටහන් වඩාත් කාර්යක්ෂම කිරීමටත්, නිෂ්පාදකයින්ට සහ අන්තර්ගත නිර්මාණකරුවන්ට සරල ක්‍රමවේද ඔස්සේ නව්‍යකරණයන් සිදු කිරීමට එය උපකාරී වෙනවා නමුත් ඒ සමගම, සයිබර් ආරක්ෂාව, අන්තර්ගතයන්හි ආරක්ෂාව සහ එහි සත්‍යතාව/විශ්වසනියත්වය ඇතුළුව මෙහි ඇති අභියෝග මොනවාදැයි තේරුම් ගැනීමද අපට ඉතා වැදගත් වේ.

හෙට(21) දිනයේදී මහ සමුළුවට සමගාමීව තාක්ෂණික හා විද්වත් කමිටු සාකච්ඡවට කිහිපයක් පැවැත්වෙන අතර කලාපීය විද්‍යුත් මාධ්‍ය ඉදිරි ගමන් මගට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය එහිදී සිදුවේ.

මහ සමුළුවේ සමාරම්භක උත්සවය ලබන ඉරිදා Cinnamon Life, City of Dreams හිදී පැවැත්වෙන අතර ලබන සදුදා(02) රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී කලාපීය ප්‍රමුඛපෙලේ ශිල්පීන් සහභාගීවන ප්‍රසංගයක්ද පැවැත්වීමට නියමිතයි.