දිවයින පුරා මදුරු කීට ඝනත්වය යළිත් ඉහළට..

අධික වැසි හමුවේ දිවයින පුරා මදුරු කීට ඝනත්වය යළිත් ඉහළට.. - වෛද්‍ය කපිල කන්නන්ගර

by Staff writer 29-10-2026 | 7:34 AM

COLOMBO (News 1st) - පවතින වර්ෂාධික කාලගුණයත් සමග දිවයිනපුරා මදුරු කීට ඝනත්වය නැවත වරක් ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර News 1st දවසේ විමසුමට එක්වෙමින් පැවසුවේ, කීට දර්ශකය 130 දක්වා ඉහළගොස් ඇති බවයි.

ඒ හේතුවෙන් විශේෂ ඩෙංගු මර්ධනය වැඩසටහන් එළඹෙන 9 වැනිදා සිට 14 වැනිදා දක්වා සිදුකරන බව ඔහු පැවසුවේ.