IOC තෙල් මිලේ වෙනසක්...

IOC තෙල් මිලේ වෙනසක්...

by Staff writer 26-10-2026 | 8:44 AM

COLOMBO (News 1st) - අද (26) සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමන බව, ඉන්දියන් ඔයිල් සමාගම නිවේදනය කරයි.

ඒ අනුව, IOC පිරවුහල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495 ක් දක්වා ඉහළ යනු ඇති.

ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක පෙර පැවති මිල රුපියල් 475කි.