.webp)
-626419.jpg)
එම සමාගම සඳහන් කළේ, ලක්විජය විදුලි බලාගාරයේ අංක 02 ජනන යන්ත්රය අද පස්වරු 1.31 සිට මෙගාවොට් 270ක පූර්ණ ධාරිතාවයෙන් ක්රියාත්මක වීමත් සමග විදුලිය සැපයුම සාමාන්ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවයි.
සම්ප්රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන්, පසුගිය 17 වැනි සෙනසුරාදා පෙරවරු 11.43ට දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවුණා.
ඒ හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්ර තුනම අක්රිය වූ අතර, විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා දිවයින කලාප 4 කට බෙදා දිනකට පැය බැගින් විදුලි කලමනාකරණයට ජාතික පද්ධති ක්රියාකරු සමාගම පියවර ගත්තේය.
කෙසේ වෙතත්, ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්රය පූර්ණ ධාරිතාවයෙන් යළි ක්රියාත්මක කිරීමත් සමඟ අද සිට එම විදුලිය ඉල්ලුම කළමනාකරණ ක්රියාමාර්ග තවදුරටත් අවශ්ය නොවන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.
