අදත්(19) ප්‍රදේශ රැසකට තද වැසි...

අදත්(19) ප්‍රදේශ රැසකට තද වැසි...

by Staff writer 19-10-2026 | 8:29 AM

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල, පොලොන්නරුව, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ උතුරු පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.