බන්ධනාගාරගත භික්ෂු නාම ලේඛණය, බෞද්ධ කොමසාරිස්වරයාට

බන්ධනාගාරගත භික්ෂු නාම ලේඛණය, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත.

by Staff writer 17-10-2026 | 7:14 AM

COLOMBO(News1st) - බන්ධනාගාර ගතව සිටින භික්ෂු නාම ලේඛණය  අධිකරණ අමාත්‍යංශය හරහා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත යොමුකළ බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කරමින් බන්ධනගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ චක්‍රලේඛය ප්‍රකාරයව එම නාම ලේඛණය යොමුකර තිබේ.

බන්ධනාගාරගතව සිටින භික්ෂූන් වහන්සේ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී සිවුර දැරීමට හැකිවන පරිදි රෙගුලාසි වෙනස් කරමින් ඊයේ(16) නව චක්‍රලේඛය නිකුත් කෙරුණි.

ඒ සම්බන්ධයෙන් News1st කළ විමසීමකදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී.සේනාරත්න පැවසුවේ, බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමුකර ඇති භික්ෂු ලේඛණය, මහනායක හිමිවරුන් වෙත ඉදිරියේදී යොමු කරන බවයි.