by Staff writer 16-10-2026 | 7:28 AM
COLOMBO(News1st) - අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවී සිර දඬුවම් ලැබ සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහා නිදහස් කරන්නැයි බලකරමින් පොදුජන පෙරමුණ, සර්ව ජන බලය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, විමල් වීරංවංශ හා උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ මූලිකත්වයෙන් සංවිධානය කර මහා සංඝරත්නය පෙරටුකරගෙන පැමිණි විරෝධතා පාගමන ඊයේ(15) පස්වරුවේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට ළඟා වූහ.
එහිදී පිරිස හමුවට පැමිණි ජනාධිපති ලේකම්වරයා ඔවුන්ගේ ඉල්ලීම්වලට සවන් දුන් අතර,
අදාළ ඉල්ලීම් පිළිබද සාකච්ඡා කිරීමට මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, ඊයේ(15) රාත්රී 11 පමණ වන විටත් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර වන ආකාරයට රැදී සිටීම නිසා දැඩි රථවාහන තදබදයක් ඒ අවට පැවතුණි.
පොලීසිය උන්වහන්සේලාට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඊයේ(15) රාත්රී 11.10 පමණ විට මාර්ගයෙන් ඉවත් වූ පිරිස ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ අනෙක් පස පදික වේදිකාවට ගමන් කළහ.
මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය සම්පුර්ණයෙන් ගමනා ගමනයට විවෘත වී තිබේ.