.webp)

එහිදී පිරිස හමුවට පැමිණි ජනාධිපති ලේකම්වරයා ඔවුන්ගේ ඉල්ලීම්වලට සවන් දුන්නේය.
මහනුවර සිට පැමිණි පාගමන අද(15) ගමන් ආරම්භ කළේ, කඩවතින්.
කඩවත සිට කොළඹ දක්වා පාගමන ගමන් කරන අතරතුර විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් ද ඊට එක් වුණි.
සරත් වීරසේකර, ප්රසන්න රණවීර, අනුරාධා යහම්පත්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න, සමන් රත්නප්රිය ඇතුලු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එලෙස එක්වූ පිරිස අතර දක්නට ලැබුණි.
ඊට අමතරව ප්රාදේශීය දේශපාලන නියෝජිතයින් හා දේශපාලන පක්ෂවල විවිධ සංවිධාන නියෝජිතයින්ද පාගමනට එක්ව සිටියේය.
ඔවුන් පාගමනින් කොළඹට ළගාවූයේ භික්ෂූන් වහන්සේ පෙරටු කරගෙනයි.
කැළණිය පෑලියගොඩ හා දෙමටගොඩ පසු කරමින් අද පස්වරු 5 පමණ වනවිට පිරිස ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට ළගාවුණි.
එහිදී භික්ෂූන් වහන්සේ ඉදිරියට යැවූ දේශපාලන පක්ෂ නියෝජිතයින් පසුපසටවී සිටිනු දක්නට ලැබුණි.
භික්ෂූන් වහන්සේ කියා සිටියේ ජනාධිපති කාර්යාලයේ වගකිව යුුතු අයෙකු පැමිණ සාකච්ඡා කළ යුතු බවයි.
පසුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත් කුමානායක පැමිණ භික්ෂූන් වහන්සේ හමු වුණි.
එහිදී උන්වහන්සේ බල කලේ අධිකරණ නියෝගය නොතකා ඥානසාර හිමි නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බවයි.
