බැසිල්ට එරෙහිව රතු නිවේදන ලබා ගැනීමේ වරෙන්තුවක්

බැසිල් රාජපක්ෂට එරෙහිව රතු නිවේදන ලබා ගැනීමේ වරෙන්තුවක්..

by Staff writer 14-10-2026 | 10:23 AM

COLOMBO(News1st) - හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කළේ ය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ, සැකකරු සම්බන්ධව ජාත්‍යන්තර පොලිසිය හරහා ක්‍රියා කිරීම සදහා රතු නිවේදනයන් ලබා ගැනීම සඳහා වරෙන්තුව ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම නිකුත් කරන ලෙසයි.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කළේ ය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට 2014 වර්ෂයේදී යොමු කර තිබූ රුපියල් මිලියන 7.8 ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතුවලට වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබා දී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය එම සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබුණි.