.webp)

බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනතේ සඳහන් රෙගුලාසි හා නිත්ය නියෝග කිහිපයක් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවලදී පැවැත්විණ.
බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලින කිරීමට පත් කළ කමිටුව මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක, එහි සෙසු සාමාජිකයින් ය.
බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ ආඥා පනත මගින් පනවන ලද නිත්ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කිරීම සහ වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්රායෝගික අවශ්යතාවන්ට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් එම කමිටුව පත් කළේ ය.
