අසත්‍ය සමාජ මාධ්‍ය පළ කිරීම්වලට ක්‍රියාමාර්ග

අසත්‍ය සමාජ මාධ්‍ය පළ කිරීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - පොලීසිය

by Staff writer 14-10-2026 | 6:51 AM

COLOMBO(News1st) - අසත්‍ය හා තහවුරු නොකරන ලද සමාජ මාධ්‍ය පළ කිරීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුඩ්ලර් පැවසුවේ, පරිඝනක අපරාධ පනත හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙවැනි වරදකරුවන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සියලු කටයුතු සිදු කරන බවයි.

මෙවැනි අසත්‍ය හා තහවුරු නොකළ ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.