අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම අහෝසි කරයි. .

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම අහෝසි කරයි. .

by Staff writer 14-10-2026 | 10:57 AM

COLOMBO(News1st) -සෞදි අරාබියේදී මරණ දඩුවම නියමව සිටි අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම අහෝසි කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පැවසුවේ, මෙරට ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන ලද අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික හා නෛතික උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස එම දඩුවම ලිහිල් කර ගැනීමට හැකි වූ බවයි.

අනෝජන් සිවරාසා සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයකට අදාළව ඔහුට එරෙහිව සිදුකළ නඩු විභාගයකින් පසුව මරණ දඩුවම  නියම වී තිබු නමුත් එය ඉවත් කරන්නැයි ඉල්ලා අභියාචනයක් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දීමට මෙරට බලධාරීන් පියවර ගත්තේ ය.