.webp)
-625840.jpg)
අමාත්යවරයා එම උපදෙස් දී ඇත්තේ, බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරිමට පත්කල කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ අනුවයි.
එම කමිටුවේ අතුරු වාර්තාව අද පස්වරුවේ අධිකරණ අමාත්යවරයාට භාර දී තිබුනා.
කමිටුව පත්කර තිබුනේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීරගේ සභාපතිත්වයෙන්.
අධිකරණ අමාත්යවරයා පැවසුවේ, බන්ධනාගාරගත භික්ෂුන් වහන්සේ නමක් ඉන් බැහැරට වැඩම කරවන්නේ නම්, චීවරය පැළඳ සිටීමට අවසරය ලබාදීමටත්, අදාළ නිකායෙන් එසේ නොකරන්නැයි දැනුම් දෙනතුරු එම අයිතිය පවතින ලෙසත් බන්ධනාගාර නිත්ය නියෝගවලට සංශෝධන සිදුකිරීමට බන්ධනාගාර ආඥා පනත යටතේ ඇති නීති රෙගුලාසී සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීමට පත්කළ කමිටුවෙන් නිර්දේශ ලැබුණු බවයි.
