ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

by Staff writer 13-10-2026 | 10:33 PM

COLOMBO(News1st) - දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ , ඇයට එරෙහි පවරා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම ඉදිරියේ අද පස්වරුවේ යළි කැඳ වූ අවස්ථාවේදීයි.

රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100 ක් ලබා ගෙන සාවද්‍ය පරිහරණයෙන් දූෂණය හා පොදු දේපල පනත යටතේ වැරදි සිදු කළ බවට චෝදනා නගමින් ඇයට එරෙහිව නඩුව ගොනු කර තිබේ.