බන්ධනාගාර තදබදයේ අඩුවීමක්....

රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමෙන්, බන්ධනාගාර තදබදයේ අඩුවීමක්.... - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

by Staff writer 12-10-2026 | 11:25 AM

COLOMBO (News 1st) - රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම කඩිනම් කිරීම හේතුවෙන් බන්ධනාගාර තදබදය අඩුවෙමින් ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පසුගිය මාස කිහිපය තුළ බන්ධනාගාර ගතව සිටි රැඳවියන්ගේ සංඛ්‍යාව හාර දහසකින් අඩුවී ඇති බවයි.

මීට මාස කිහිපයකට පෙර දිවයිනේ සියලු බන්ධනාගාරවල රැඳවියන් හතලිස් දෙදහසක් පමණ රඳවා සිටියා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වන විට රැඳවියන්ගේ සංඛ්‍යාව තිස් අට දහසක් දක්වා අඩුවී ඇති බවයි.

මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා තැබිය යුතු රැඳවියන්ගේ සංඛ්‍යාව 11,000 ත් 13,200 ත් අතර වේ.