.webp)
-625585.jpg)
ඒ, අදට යෙදෙන යුද හමුදාවේ 77 වැනි සංවත්සරයට සමගාමීවයි.
මෙවර සංවත්සර සැමරුම පනාගොඩ යුද හමුදා කඳවුරේදී අද(10) පෙරවරුවේ පැවැත්වුණේ, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙනි.
1949 වසරේ අද වැනි දිනක ආරම්භ වූ ශ්‍රී ලංකා යුද හමුදාව මේ වන විට රෙජිමේන්තු 25 කින් සමන්විතයි.
අසීමිත කැප කිරීම් කර තිස් අවුරුදු යුද්ධය නිමා කරමින්, ජන ජිවිතවලට එල්ල වූ විවිධ තර්ජන මැඩ පවත්වමින්, මාතෘ භූමියේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව උදෙසා, ජාතියේ ආරක්‍ෂකයා ලෙස, අභිමානවත් මෙහෙවරක නිරත වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, මෙරට විශාලතම සහ පැරණිතම ආරක්ෂක හමුදාවයි.
