ගල්ලස්සේ වෙඩි තැබීමට, සැකකරුවෙකු අත්අඩංගුවට

ගල්ලස්ස වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

by Nadeeshan Meedin 10-10-2026 | 10:19 PM

COLOMBO(News1st) - කළුතර, නාගොඩ ගල්ලස්ස ප්‍රදේශයේ අවන්හලක සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, මඩකලපුව ප්‍රදේශයේදි ඔහු අත්අඩංගුවට ගත් බවයි.

වෙඩි වැදිමෙන් අවහන්හලේ  හිමිකරු මිය ගිය අතර ඔහුගේ බිරිඳ තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළේය.
මියගියේ 54  හැවිරිදි ව්‍යාපාරිකයෙක් .

යතුරුපැදියකින් අවන්හල වෙත පැමිණි දෙදෙනෙකු ඊයේ T56 ගිනි අවියකින් ව්‍යාපාරිකයාට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා පලා ගොස් තිබුණි.

පොලීසිය සඳහන් කළේ, වෙඩි වැදීමෙන් මියගිය ව්‍යාපාරිකයා කලකට ඉහළ පුද්ගල ඝාතනයක් සම්බන්ධ සැකකරුවෙකු ලෙස හඳුනා ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් එම නඩු කටයුතු මේ වනවිට අවසන්ව ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කර තිබේ.