ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත තද වැසි

බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 09-10-2026 | 8:14 AM

COLOMBO(News1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද(09) පස්වරු 1 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනූව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වටත්, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

දිවයිනේ ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 - 70ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.