අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල..

අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල..

by Staff writer 04-10-2026 | 9:52 AM

COLOMBO (News 1st) - අහුංගල්ල සී.පී.ද සිල්වා මාවතේ පිහිටි නිවසක් ඉලක්ක කර අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, නාදුනන වෙඩික්කරුවෙකු එම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවයි.

තුවාල ලැබූ 74 හැවිරිදි පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.