මෙට්‍රෝ බස් හයර් එකට ගන්න පුළුවන් ද?

මෙට්‍රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා වෙන්කර ගැනීමට, මෙතෙක් පහසුකම් සලසා නැහැ - ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම කියයි

by Chathurika Jayasundara 03-10-2026 | 8:36 AM

COLOMBO(News1st) - මෙට්‍රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා වෙන්කර ගැනීමට, මෙතෙක් පහසුකම් සළසා නැතැයි ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම පවසයි.

එම සමාගම සදහන් කළේ, මෙට්‍රෝ බස් පෞද්ගලික කටයුතු සඳහා වෙන්කර ගත හැකි බවට පැතිර යන තොරතුරු සාවද්‍ය බවයි.

නිවැරදි හා නිල තොරතුරු සඳහා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් නිල සන්නිවේදන මාධ්‍ය පමණක් අනුගමනය කරන්නැයි ද ජනතාවට දැනුම් දෙයි.