රු. කෝටි 8ක අයිස් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රු. කෝටි 8ක අයිස් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 30-09-2026 | 9:53 AM

COLOMBO (News 1st) - රු කෝටි 08ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ය.

අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ ග්‍රෑම් 3යි ග්‍රෑම් 994කි.

බිස්කට් හා චොකලට් අඩංගු පෙට්ටි 11ක් තුළ සූක්ෂමව බහා සැකකරු එම අයිස් මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

ඔහු රත්මලාන , ජයමාවත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින්ට පෞද්ගලික ඔත්තුකරුවෙක් ලබාදුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

සැකකරුගෙන් කළ මූලික ප්‍රශ්න කිරිම් වලදී ඔහු පවසා ඇත්තේ, ඕමානයෙන් එම මත්ද්‍රව්‍ය තොගය ලබාගෙන කටාර් හරහා  කටුනායකට පැමිණි ඇති බවයි

ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගත් සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.