රත්ගමදී වෙඩි තැබීමක්

රත්ගමදී වෙඩි තැබීමක්

by Nadeeshan Meedin 28-09-2026 | 9:47 PM

COLOMBO(News1st) - රත්ගම පන්නිල ප්‍රදේශයේ අද(28) රාත්‍රීයේ සිදුව වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ අද(28) රාත්‍රීයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තබා ඇති බවයි.

සැකකරු පාගමනින් පැමිණ T 56 ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි සඳහන්.

තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීම සම්බන්ධ ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.