.webp)
 (3)-624697.jpg)
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, එම සිදුවීම පිළිබඳ මෙරට චීන තානාපති කාර්යාලය හරහා චීන රජයට වාර්තාකිරීමටද කටයුතු කරන බවයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පිපිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
පෙරේදා (26) අලුයම 4 ට පමණ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි පරිශ්‍රයේ පිපිරීම සිදුව තිබිණි.
පොලීසිය පැවසුවේ පිපිරීමට හේතුව, ගෑස් නලයක සිදුවූ කාන්දුවක් බවට සැකකෙරෙන බවයි.
පිපිරීමෙන් රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයට සහ ඒ අවට ගොඩනැගිලි කිහිපයකට බරපතල හානි සිදුවිය.
සිද්ධියෙන් රෝහල් සේවකයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකෙරුණු අතර බරපතල තත්වයේ සිිටි අයෙකු මියගියේ ය.
එලෙස මියගියේ 36 හැවිරිදි හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
