.webp)
 (4)-624703.jpg)
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 90 ක පවුල් 768 ක්, ඊට ඇතුළත්.
වර්ෂාධික කාලගුණයත් සමග සිදුවූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තවත් 5ක් තුවාල ලැබූහ.
එක් අයෙකු අතුරුදන්.
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 36 කට අයත් පුද්ගලයින් 124 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 5 රඳවා ඇති බවයි.
මේ අතර දිස්ත්‍රික්ක හතකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම, අද (28) පස්වරු 4 දක්වා දීර්ඝ කර තිබේ.
එම දිස්ත්‍රික්ක වන්නේ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුරයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, තවලම, නෙළුව සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට, මාවනැල්ල සහ අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටද, අදියර දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
