ලෝක ළමා දින ජාතික සැමරුම් සතිය අදින් ඇරඹේ.

ලෝක ළමා දින ජාතික සැමරුම් සතිය අදින් ඇරඹේ.

by Staff writer 25-09-2026 | 8:01 AM

COLOMBO(News1st) - මෙවර ලෝක ළමා දින ජාතික සැමරුම් සතිය අද(25) සිට ආරම්භ වේ.

ඒ " මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන්න තේමා කරගනිමින්.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සඳහන් කළේ මෙම සතිය තුළ ළමුන් සම්බන්ධයෙන් විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.