ශිරන්තිට FCIDයට පැමිණීමට නොහැකි බවට දැනුම් දීමක්.

ශිරන්තිට FCIDයට පැමිණීමට නොහැකි බවට නීතිඥවරයෙකුගෙන් දැනුම් දීමක්.

by Staff writer 24-09-2026 | 9:50 PM

COLOMBO(news1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරයෙකු අද(24) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලිපියක් යොමුකර තිබේ.

එම ලිපියෙන් දැනුම්දී ඇත්තේ අද(24) එම කොට්ඨාසය හමුවට කර ඇති කැදවීමට අනුව ශිරන්ති රාජපක්ෂට පැමිණීමට නොහැකි බවයි.

ඇය අක්ෂි ශල්‍යකර්මයක් සදහා සිංගප්පූරුවට ගොස් ඇති බැවින් ආපහු පැමිණි පසුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින බව නීතිඥවරයා දැනුම්දී තිබේ.

ශිරන්ති රාජපක්ෂගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය සිරිලිය සවිය සංවිධානයේ ගනුදෙනුවලට අදාළව මෙම විමර්ශනය සිදු වේ.

ඇය පසුගිය 16 වනදා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.