මහ වැසි මැද රිය ධාවනය ප්‍රවේශමෙන්!

මහ වැසි මැද රිය ධාවනය ප්‍රවේශමෙන් පොලීසියෙන් ජනතාවට පණිවිඩයක්..

by Staff writer 24-09-2026 | 10:13 AM

COLOMBO (News 1st) - මේ වන විට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට තද වැසි ඇතිවෙමින් පවතී.

පොලීසිය පැවසුවේ, පවතින වර්ෂා සහිත කාලගුණයත් සමග රිය ධාවනයේදී සැළකිලිමත් වන ලෙසයි.

වර්ෂාව පවතින අවස්ථාවේදී, රථවාහනවල ඉදිරිපස අලෝක සංඥා දල්වා ගමන් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පැවසුවේය.

පවතින වර්ෂාධික කාලගුණය හමුවේ අධිවේගී මාර්ගවල රිය ධාවනයේදී මීටර් 50 ක පරතරයක් තබාගෙන ගමන් කරන්නැයි අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය දැනුම් දෙයි.

එම අංශය වැඩිදුරටත් පැවසුවේ, රථයේ විදුලි ලාම්පු දල්වමින් හා වේගය සීමා කරමින් ධාවනය කරන ලෙසයි.