COLOMBO(News1st) - බන්ධනාගාරය තුළ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා සහ මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ අතර ගැටුමක් හටගෙන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් තුවාල ලැබූ කෙහෙල්බද්දර පත්මේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි
බන්ධනාගාර නිලධාරීන් මැදිහත්ව ගැටුම පාලනය කළ බවද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.