News1st සම්මාන රැසකින් පිදුම් ලබයි..

CALIN POPULAR AWARDS 2026 සම්මාන උළෙලේදී සිරස TV, සිරස FM, News1st සහ Yfm එම් සම්මාන රැසකින් පිදුම් ලබයි..

by Staff writer 21-09-2026 | 10:42 PM

COLOMBO(News1st) - රූපවාහිනී, ගුවන් විදුලි ඇතුළු ක්ෂේත්‍ර රැසක ජනප්‍රිය නිර්මාණ අගයමින් CALIN POPULAR AWARDS 2026 මෙවර සංවිධානය කෙරුණේ හතරවන වරටයි.

උත්සවය සඳහා කලා කරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියේය.

ජීවිතයට එක් වරක් පමණක් හිමි වෙන CALIN POPULAR AWARDS 2026 ගෞරව සම්මානය සිරස TV මහජන සබඳතා අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහට හිමි වුණි.

වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති නිවේදිකාව News1st හී ඔමායා කෝවිලගොඩගේ..

වසරේ නවෝත්පාදනශීලී ගුවන්විදුලි නිවේදිකාවට හිමි සම්මානය දිනා ගත්තේ Yfm හී ආදී දේශප්‍රියයි.

වසරේ ජනප්‍රියම ගුවන් විදුලි වැඩසටහන් නිවේදකයාට හිමි සම්මානය සිරස FM හී චතුර ලක්මාල් විජේරත්න (ටාසන් බාප්පා) දිනා ගත්තා.

වසරේ ජනප්‍රියම විනෝදාස්වාද ගුවන්විදුලි නාලිකාව - Yfm 

සිරස TV ඔස්සේ විකාශයවන ලක්ෂපති වසරේ වඩාත්ම ජනප්‍රිය රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට හිමි සම්මානය දිනා ගත්තේය.

වසරේ තාරුණ්‍යයේ නාලිකාව සිරස TV