මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් රැසක් අද නිවාඩු...

මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් රැසක් අද නිවාඩු...

by Staff writer 21-09-2026 | 6:55 AM

COLOMBO (News 1st) - මහනුවර දිස්ත්‍රික්කයේ දෙනුවර, ගම්පොළ හා කටුගස්තොට අධ්‍යාපන කලාපවල පාසල් රැසකට අද (21) නිවාඩු ලබාදී තිබේ.

ඒ, පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හේතුවෙනි.

ඒ අනුව මධ්‍යම පළාතේ සෙසු පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට පවරා ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු සඳහන් කළේ ය.

මීට අමතරව...

නුවරඑළිය කලාප

01. ටොරින්ටන් දෙමළ විද්‍යාලය 
02. හෝල්බෘක් දෙමළ මධ්‍ය මහා විද්‍යාලය
03. රදැල්ල දෙමළ විද්‍යාලය

මහනුවර කලාපය  
01. මහ මැදගම විදුහල. 
02.ධර්මරාජ විදුහල (7 සහ 9 ශ්‍රේණිවලට පමණක්)

හැටන් කලාපය

01ඒබට්ස්ලි දෙමළ මහා විද්‍යාලය
02. ​මලෙයිමගල් දෙමළ විද්‍යාලය
03. ​ආග්‍රෝඔය දෙමළ විද්‍යාලය
04. ​පින්නඔය අංක 02 දෙමළ විද්‍යාලය
05. ​ගණේෂා දෙමළ විද්‍යාලය
06.  බ්ලූම්ෆීල්ඩ් දෙමළ විද්‍යාලය
07ලොනච් දෙමළ විද්‍යාලය
08. මොකා වින්නර් විද්‍යාලය