ගංවතුර අවදානම තවත් පැය 24 කින් දීර්ඝ කෙරේ.

ගිං සහ කුඩා ගංඟාවලට නිකුත් කළ ගංවතුර අවදානම තවත් පැය 24 කින් දීර්ඝ කෙරේ.

by Staff writer 21-09-2026 | 4:27 PM

COLOMBO (News 1st) - ගිං ගඟ සහ කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර තිබේ.

ඒ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරු 1ට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින්.

ඒ අනූව එම ගංඟා අවට පහත් බිම් වල වෙසෙන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසු විය යුතු බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ආශ්‍රිත මාර්ගවල ගමන් කරන රියැදුරන් ද දැඩි විමසිල්ලෙන් ගමන් කළ යුතු බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.