කුට්ටිආරච්චි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට

හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට...

by Staff writer 16-09-2026 | 11:41 AM

COLOMBO (News 1st) - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක තිස්ස කුට්ටිආරච්චි පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට අද පෙරවරුවේ පැමිණියේ ය.

ඒ එම කොට්ඨාසය කළ කැඳවීමකට අනුවයි.

සිදුවන විමර්ශනයට අදාළව, ඔහු එලෙස කැඳවා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.