100mm ඉක්මවූ වැස්සක්! - කාලගුණයෙන් අනාවැකි...

100mm ඉක්මවූ වැස්සක්! - කාලගුණයෙන් අනාවැකි...

by Staff writer 14-09-2026 | 11:52 AM

COLOMBO (News 1st) - උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද (14) මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළේ උස, මීටර 2 ත් 3 ත් දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ, මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.

ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.