පුෂ්පිකාගේ නඩුවේ, තීන්දුව ලබා දෙයි...

රූ රැජිණ වේදිකව මත පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ සිද්ධියට අදාළ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් නිදහස්...

by Staff writer 14-09-2026 | 2:18 PM

COLOMBO (News 1st) - 2021 වසරේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වාගේ හිස පැලඳි කිරුළ ගලවා ඇයට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු විවාහක රූ රැජිණක ලෙස කිරුළ දිනාගත් කැරොලයින් ජූරිට හා නිරූපණ ශිල්පිණියක වන චූලා පත්මේන්ද්‍රන්ට එරෙහිව තිබූ නඩුවෙන් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේ ය.

නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ප්‍රකාශයට පත් කළේ ය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  පැවසූවේ විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත වී ඇති බවයි.

එම නිසා විත්තිතාරියන් නඩුවෙක් නිදහස් කරන බව, මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

සිද්ධියට අදාළව මේ වන විට මියගොස් සිටින නිරූපණ ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් වෙනුවෙන් , ඇයගේ ඇපකාරිය අධිකරණයේ හමුවේ පෙනී සිටියාය.

2021 වසරේ ලෝක විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වාට පැලැඳූ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු විවාහක ලෝක රූ රැජිනක් වූ කැරොලයින් ජූරි හා මෝස්තර නිරූපන ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව පුෂ්පිකා ද සිල්වා මෙම නඩුව ගොනුකර තිබිණි.