විදේශ ඇමති අද තායිලන්තයට...

තුන්දින නිල සංචාරයක් සඳහා විදේශ ඇමති අද තායිලන්තයට...

by Staff writer 14-09-2026 | 11:19 AM

COLOMBO (News 1st) - තුන්දින නිල සංචාරයක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, අද (14) තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ, තායිලන්ත කම්කරු අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි.

එම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍යවරයා, තායිලන්ත කම්කරු අමාත්‍යවරයා, සංචාරක අමාත්‍යවරයා සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති.

කම්කරු සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සහ තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීම පිළිබඳ එකඟතා ගිවිසුම අත්සන් කිරීමෙන්, දෙපාර්ශ්වයේම කම්කරු ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.