.webp)
-623751.jpg)
ඒ වත්මන් ශූර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතරයි.
මෙම කණ්ඩායම් දෙක අවසන් වරට 2024 වසරේ පැවැති තරගාවලියේදී ද අවසන් මහා තරගයට පිවිසියේ ය.
එම තරගය ජය ගනිමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වත්මන් ශූරයින් බවට පත් විය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසි තුන්වැනි අවස්ථාව මෙයයි.
තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ඉන්දීය කණ්ඩායම 2012 වසරෙන් පසු පන්දුවාර විස්සයි විස්ස ආකෘතියට පැවැති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී, සෑම වසරකම අවසන් මහා තරගයට පිවිස තිබේ.
ඔවුන් දිනා ඇති ශූරතා ගණන 3කි.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙවර අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.
අවසන් මහා තරගයද, නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් සහ SIRASATV.LK වෙබ් අඩවිය ඔස්සේ නැරඹිය හැකියි.
