සඳටත් අයිතිය කියන ට්‍රම්ප්...

සඳටත් අයිතිය කියන ට්‍රම්ප්...

by Staff writer 08-09-2026 | 9:15 AM

COLOMBO (News 1st) - සඳ අයත් වන්නේ ඇමරිකාවට බව පවසමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා නිකුත් කර ඇති Truth Social පණිවිඩයක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය යොමුව තිබේ.

ඇමරිකානු ධජය සහිත සඳේ ඡායාරූපයක් සමඟ ට්‍රම්ප් එහි සඳහන් කර ඇත්තේ "The Moon is Ours" යනුවෙනි.

ඇමරිකාවේ පළමු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් ධවල මන්දිරයේදී ට්‍රම්ප් සමග සාකච්ඡා කරන ව්‍යාජ ඡායාරූප, ඇමරිකානු හමුදා ඉරානයේ කාර්ග් දූපතට පහරදෙන ව්‍යාජ ඡායාරූප ඇතුළු AI නිර්මාණ රැසක් ඊයේ පැය කිහිපයක් තුළ ට්‍රම්ප් නිකුත් කර තිබේ.