විදුහල්පති සේවයට විදුහල්පතිවරුන් 4000ක්

විදුහල්පති විභාගයේ ප්‍රතිඵල මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයට විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර - අධ්‍යාපන නි.අමාත්‍ය මධුර සෙනවිරත්න

by Staff writer 08-09-2026 | 7:48 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා විදුහල්පති සේවයට විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ, පසුගියදා පැවැති විදුහල්පති විභාගයේ ප්‍රතිඵල මත ඔවුන් බඳවා ගන්නා බවයි.

බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් වෙනුවට රාජකාරී සිදු කරනු ලබන්නේ වැඩ බලන ගුරුවරුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.