ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදයි

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදයි

by Staff writer 08-09-2026 | 7:34 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදී තිබේ.

සෑම වසරකම සැප්තැම්බර් 8 වනදා ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සමරනු ලබන්නේ,  සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳව ලොව පුරා ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහායි.

''ජනතාව, පෘථිවිය සහ සමෘද්ධිය සඳහා සාක්ෂරතාවය'' යන්න මෙවර එහි තේමාවයි.

මෙරට සාක්ෂරතාවය 97.4%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවල සඳහන් වේ.

ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමලී කරුණාරත්න පැවසුවේ, මෙරට පුද්ගලයින්ගේ ඩිජිටල් හා පරිඝනක සාක්ෂරතාවය ඉතා ඉහළ අගයකින් වැඩිදියුණු වී ඇති බවයි.

ඒ අනුව වසර 5 හෝ ඊට වැඩි ජනගහනයේ ඩිජිටල් සාක්ෂරතාවය 67.6%ක් ලෙස වාර්තා වේ.

පරිඝනක සාක්ෂරතාවය වාර්තා වන්නේ 34.7%ක් ලෙසයි.